දෙන්නා අවංකව එකිනෙකාට ආදරේ කරගෙන ඉන්නවා නම් කේන්දර,පොරොන්දම්,වයස ප්‍රශ්නයක් වෙන්නෙ නෑ කියල තමයි සමහරු කියන්නේ. ඒත් ඉතින් විවාහ ජීවිත දෙදරා යනවා කෙළවරක් නෑ. අඹු සැමි ගැටුම් ආරවුල් මිනී මැරුම් දක්වා දුරදිග යන අවස්ථාත් තියෙනවා. විවාහ ජීවිත තුළ ඇතිවන හැල හැප්පීම් සම්බන්ධයෙන් ජ්‍යොතිෂවේදීන්ට බොහෝ අත්දැකීම් ලැබෙනවා. විවාහය තුළ ප්‍රශ්න මතුවෙන කොට, බිරිඳ හෝ සැමියා දුරස්වෙන කොට, එකිනෙකා නොරුස්සන තත්වයට පත්වෙන කොට ජ්‍යොතිර්වේදියෙක්ව මුණගැහෙන එක තමයි ගොඩක් දෙනෙක් කරන්නේ.විශේෂයෙන් පිටරටවල සේවය කරන විශාල පිරිසක් දිනපතා තමන්ගෙ ප්‍රශ්න ඉදිරිපත් කරනවා.
ඉඩමක් ගන්න,ගෙයක් හදාගන්න,දරුවන්ට උගන්වන්න..ඔය වගේ නොයෙක් බලාපොරොත්තු ඇතුව අපේ කාන්තාවො බොහෝ දෙනෙක් විදේශ රැකියාවලට යනවා.එහෙම ගිහින් කාලයක් යනකොට මුහුණු පොතේ ඉන්න කොලු ගැටයෙක් දන්නෙම නැතුව ජීවිතයට සමීප වෙනවා. එතන ඉඳලා ඉතින් එළි වෙනවා දන්නෙ නෑ.රෑ වෙනව දන්නෙ නෑ.හුස්ම වැටෙනවද,නාඩි වැටෙනවද,රටේ ලෝකෙ මොනවා සිද්දවෙනවද මොනවත්ම දන්නෙ නෑ. දෙන්නා නින්දට යන්නෙත් ස්කයිප් ඔන් කරගෙන. හම්බ කරන මුදල් කොලු ගැටයා වෙනුවෙන් වියදම් කරනවා.ටික කලක් යනකොට කොලු ගැටයා වෙනස් වෙනවා. ඊට පස්සෙ තමයි පිස්සුවෙන් වගේ ලංකාවෙ ඉන්න මන්ත්‍ර ගුරුකම් කරන අයට අත දිග ඇරලා සල්ලි යවන්නේ.ඒ විතරක් නෙමෙයි,සමහරු අත කපාගන්නවා,නොකා නොබී ඉන්නවා,නිදිපෙති බොනවා,මැරෙන්න යනවා. දෙන්නාගේ උපන් දින බැලුවම මේ අක්කා කෙනෙකුයි මල්ලි කෙනෙකුයි.පොඩි කොල්ලෙක් හින්දා මුළු සේසතයි, පවුල් ජීවිතෙයි,ආත්ම ගරුත්වයයි සියල්ල විනාශකර ගන්නේ ඔන්න ඔහොමයි.
තමන්ට වඩා වයසින් ලාබාල තරුණයෙක් සමග විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් සිටින කාන්තාවක් විවාහයට පෙර කේන්දර ගැළපීම සම්බන්ධයෙන් සැළකිලිමත් විය යුතුයි. විවාහයට එළඹුණත් එවැනි විවාහ අසාර්ථක වීමේ අවදානමක් තිබෙනවා. අසාර්ථක වූ විවාහ අතුරින් බොහොමයක් එවැනි, වයස අතින් නොගැළපීම් ඇති විවාහයන් බව පෙනෙන්නට තිබෙනවා.

තවත් පැත්තක් තියෙනවා. යොවුන් වියේ පසුවන බොහෝ පිරිමින් ආදර සම්බන්ධතා ඇතිකර ගැනීමේදී විවාහය ගැන සිතන්නේ ඉතාමත් අඩුවෙන්. ප්‍රධාන වශයෙන්ම සැළකිලිමත් වන්නේ කායික ආශාවන් සතපවාගැනීම සම්බන්ධවයි.සමහරු තමන්ට වඩා වයසින් වැඩි කාන්තාවන් සමග සම්බන්ධතා ගොඩනගා ගත්තත් කල් යාමේදී වයස පිලිබඳ ගැටලුව හිතට වද දෙනවා.කාන්තාව විසින් විවාහවීමට බල කරන විට මෙම තත්වය උග්‍ර වෙනවා.කුමන හෝ හේතුවක් මත විවාහයට එළඹුණත් වයස පිලිබඳ ගැටලුව හිතට වද දෙන්න පටන්ගන්නවා. " යාළු හිතමිත්‍රාදී හැමෝම ලාබාල වයසේ යුවතියන් සමග විවාහ වෙලා ඉන්නවා...ඒ අය මොන තරම් සතුටින් කල් ගෙවනවා ඇත්ද...මොන අඩුපාඩුවක්වත් නැති මම මොකටද මට වඩා වයසින් වැඩි කාන්තාවක් එක්ක පවුල් කන්නේ..."කාලයක් ගතවෙන කොට ඔහොම හිතන්න පටන්ගන්නවා.සම වයසේ තරුණයන් වයසින් බාල පෙම්වතියන් ඇසුරු කරද්දී, වයසින් බාල යුවතියන් විවාහකර ගනිද්දී වයස පිලිබඳ ගැටලුව විශාල මානසික වදයක් බවට පත්වෙනවා.

වසරකින් දෙකකින් හෝ මනාලයා මනාලියට වඩා වැඩිමල්වීම සුබදායක වෙනවා.
බිරිඳට වඩා වයසින් බාල සියලු සැමියන් වෙනතක යනවා යැයි වැරදි අවබෝධයක් ඇතිකරගත යුතු නෑ. සැමියා බාල වූවත් සාර්ථක විවාහ ජීවිත ගතකරන අඹුසැමියන් සිටිනවා. දෙදෙනාගේ යහපත් ග්‍රහ තත්වයන් මත විවාහ ජීවිත සුරක්ෂිත වන අවස්ථා තිබෙනවා.
ඔය වගේ ප්‍රශ්නවලින් පීඩා විඳින අයගේ සල්ලි ඉලක්ක කරගෙන ක්‍රියාත්මක වන පුද්ගලයින් විශාල පිරිසක් අන්තර්ජාලයේ ඉන්නවා.ප්‍රශ්න එනකොට සෙවිල්ලක් බැලිල්ලක් නැතුව දකින දකින හැමෝටම මුදල් යවලා තඹ තහඩු,නූල් වගේ දේවල් ගෙන්වා ගන්නවා. මා සේවය කරන්නේ මුදල් මත නොව සසරින් එතෙර වීම සඳහායි යනුවෙන් දැන්වීම් පලකරන හාමුදුරුවරුත් මුදල් ගත්තට පස්සේ දෙතුන් වතාවක් කතාකරන කොට කුණුහරපෙන් බනිනවා.
මේක අපහාසයක් උපහාසයක් නොවන අතර ඔබ දැනුවත් කිරීම සඳහා අත්දැකීම් අනුසාරයෙන් ලියන ලද්දක් බව සළකන්න.ප්‍රශ්න වැඩි වේවා,පීඩා වැඩි වේවා. පීඩාවන් ට ලක්වූවෝ පිහිට පතාගෙන මා වෙතටම පැමිණේවා යි ප්‍රර්ථනා කරමින් අන්තර්ජාලය පුරා දැන්වීම් පළකරමින්, අසරණ වූ ඔබගේ මුදල ඩැහැගැනීමට සැදී පැහැදී විශාල පිරිසක් සිටින බවද මතක තබාගන්න.
ජ්‍යොතිෂවේදී, ගුප්ත වෛද්‍ය
දේශමාන්‍ය සංජීව කුළුපන බණ්ඩාර
ජ්‍යොතිෂවේදී, ගුප්ත වෛද්‍ය
දේශමාන්‍ය සංජීව කුළුපන බණ්ඩාර